අතිශයින්ම කැරම් පමණයි !!!
අපේ ගම්වල මළ ගෙදරක් වුනාම එකෙ අවසන් කටයුතු ඉවර වනතෙක්ම මළ ගෙදර රැය පහන් කිරීම සිරිතක්. එහෙම එළිවෙනකල් ඉන්නේ මරණයට පත්වුන පුද්ගලයගෙ තනියටද එහෙමත් නැතිනම් පවුලේ අයගේ තනි රකින්නද කියන එක මම හරියටම දන්නෙ නෑ. ඒ උනාට ගමේ තරුණ ළමයි, වැඩිහිටි ගොඩක් තනි රකින්නෙ කැරම් බෝඩ් එක ලඟ තමයි. මේ තරම් අපේ අය කැමති කැරම් ක්‍රීඩාවෙ ඉතිහාසය මොකද්ද? අපි මළ ගෙවල්වල සෙල්ලම් කරන කැරම් ක්‍රීඩාවමද ලෝකයේ අනෙක් රටවලත් තියෙන්නේ? අන්තර් ජාතික කැරම් ක්‍රීඩාව අපි ගමේ මළ ගෙදර සෙල්ලම් කරන එකට වඩා වෙනස්ද? කැරම් ක්‍රීඩාව ගැන මීට වඩා කතා කරන්න ඕන කියල හිතුන නිසා තමයි මේ බ්ලොග් එක ලියන්න හිතුනේ.
කැරම් වල තියන නීති රීති මොනවද,කොහොමද හොඳ කැරම් බෝඩ් එකක් ගන්නෙ,මොනවද තියන හොඳ කැරම් බෝඩ් වර්ග, ලෝකයේ කැරම් ගහන අනික් රටවල් මොනවාද? අපේ රටේ කැරම් වලට තියෙන පිලිගැනීම මොනවගේද? මේ ඔක්කොම කියල කතා කරමු ඉස්සරහට. ඊට පස්සෙ කැරම් ගහන හැටිත් ටිකක් කතා කරමු.
අපේ ගොඩක් අය දන්නෙ නෑ ලෝකයේ කැරම් ක්‍රීඩා කරන රටවල් අතරින් ලංකාවට තියන තැන මොකද්ද කියල. කොටින්ම කියනවනම් අපේ ගොඩක් අය දන්නෙ නෑ අපේ ඉන්නෙ ලෝක ශූරයෝ උන කැරම් කණ්ඩායමක් කියල.
